කිතුනු දේවස්ථාන හා සුපිරි හෝටල් ඉලක්ක කරගනිමින් එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් නව දෙනෙකු ලබන 06 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. එම නියෝගය ලබා දුන්නේ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්න සාලිය අබේරත්න මහතා විසින්.

වැල්ලම්පිටියේ පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ඊයේ කොළඹ ිය්බට්රසක් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ සැකකරුට සහ දෙමටගොඩ ප‍්‍රදේශයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයකින් මියගිය කාන්තාවන් දෙදෙනාට අයත් කර්මාන්තශාලාවක් වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පිහිටා ඇති බවයි. මෙම සැකකරුවන් පිරිස එම කර්මාන්තශාලාවේ සේවය කර ඇති බවත් මොවුන් මරාගෙන මැරෙන ප‍්‍රහාරය එල්ල කළ සැකකරුවන් සමග සම්බන්ධතා පවත්වා ඇත්දැයි අනාවරණ කර ගැනීම සඳහා පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

දෙමටගොඩ ප‍්‍රදේශයේදී මියගිය කාන්තාවන් දෙදෙනා shangarila හෝටලයේදී මරාගෙන ප‍්‍රහාරය එල්ල කළ සැකකරුගේ බිරිඳ සහ සහෝදරියක් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය ප‍්‍රකාශ කළා.

සිදුවූ ප‍්‍රහාර සම්බන්ධයෙන් සැක පිට පකිස්ථාන ජාතිකයින් 09 දෙනකු සහ ඉන්දියානු ජාතිකයින් 03 දෙනකු වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වුණා.

අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ තඹ කම්බ් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් ලෙස මොවුන් සේවය කරමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී තිබෙන්නේ.

බෝම්බ පිපිරවීම්වලට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම්හලක් අසළ රැඳී සිටියදී තවත් පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාවනැල්ල සහ කටුපොත යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවටයි අනාවරණ වී තිබෙන්නේ. ප‍්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායමකට ඔවුන් සම්බන්ධ බවයි.

මෙම සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප‍්‍රදේශයේ සිදුවූ සිද්ධීන්වලින් අනතුරුව මාස තුනක පමණ කාලයක් සැගවී සිටි පුද්ගලයන් බවද තහවුරු වී තිබෙනවා.

මේ අතර කොළඹ ප‍්‍රධාන හෝටල් 02ක් වන ෂැන්ග‍්‍රිලා සහ සිනමන්ඕ ග‍්‍රෑන්ඕ යන හෝටල්වලට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන්ද තොරතුරු රැුසක් අනාවරණ වී තිබෙනවා. සහෝදරයින් දෙදෙනෙකු විසින් මෙම ප‍්‍රහාර එල්ල කර ඇති බවත්, ඔවුන් දෙදෙනාගේ පියා ආනයනික ව්‍යාපාරයක නිරතව සිටින බවත් මේ වන විට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම මෙම පුද්ගලයින් කරුංකා ව්‍යාපාරයකට ද සම්බන්ධ බවටයි අනාවරණ වී තිබෙන්නේ.

දෙමටගොඩ පිපිරවීම සිදු කර ගෙන ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වැඩිමහල් පුත‍්‍රයාගේ බිරිඳ බවටද තොරතුරු හෙළි වී ඇති අතර, ඇය ගැබිණියක වී සිට ඇතැයිද සඳහන්. ඒ අසල සිට කුඩා දරුවන් දෙදෙනෙකුද මෙම පිපිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. එම පිපිරීමේදී පොලිස් නිලධාරීන් තිදෙනෙකුද ජීවිතක්‍ෂයට පත්වුණා. එම නිවසේ කඩා වැටුණු බිත්තියකට යටවීමෙන් එම නිලධාරීන් මරණයට පත්ව ඇති බවයි පරීක්‍ෂණවලදී තහවුරු වී තිබෙන්නේ.

මේ අතර දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේ තිබී ඔ 56 උණ්ඩ 152 ක් සහ 9 පප වර්ගයේ පිස්තෝල පතොරම් රඳවන 08 ක් සොයාගෙන තිබුණා.

එමෙන්ම අද පස්වරුවේ සිදුකළ සෝදිසියකදී කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළ අසළ තිබී තවත් අයුද තොගයක් සොයා ගැණුනා. පොලිසිය නිවේදනය කළේ ඩෙටනේටර් 87 ක් මෙහිදී සොයා ගැණුනු බවයි.

ඊයේ සිදු වූ පිපිරවීම් සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ සැකකරුවන් 25 ට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, තොරතුරු රැසක් මත පදනම්ව තවදුරටත් මෙහෙයුම් කි‍්‍රයාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

LEAVE A REPLY