පල්ලි, හෝටල් ඉලක්ක කරමින් එල්ල වූ ප‍්‍රහාරය පසුපස තව්හීද් ජමාත් නැමැති සංවිධානය සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසුවා. ඊයේ එල්ල වූ සියලූ ප‍්‍රහාරයන් මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් බවත් ඔහු කියා සිටියා. එය දේශීය වශයෙන් බිහිවූ සංවිධානයක් බවද ඔහු සඳහන් කළා.

මෙවැනි ප‍්‍රහාර මාලාවක් එල්ල වීමේ අවදානම සම්බන්ධයෙන් බුද්ධි අංශ හා ජාත්‍යන්තර බුද්ධි සේවා විසින් අනතුරු ඇගවීම් සිදුකර තිබියදී මෙවැනි ඛේදවාචකයක් සිදුවීම බරපතල ගැටළුවක් බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවා. ඔහු පෙන්වා දුන්නේ ප‍්‍රහාරය එල්ල වීමට විනාඩි 10 ට පෙරද මෙරට ආරක්‍ෂක අංශ වෙත එම අනතුර පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදු කර ඇති බවයි.

LEAVE A REPLY