මාවනැල්ලේ සිදු වූ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයින්ද පසුගියදා සිදු වූ ප‍්‍රහාරවලට සම්බන්ධ බවත්, ඉන් එක් අයෙකු මරාගෙන මැරෙන බෝම්භ ප‍්‍රහාරයක් එල්ල කළ බවට කරුණු අනාවරණ වී ඇති බවත් අමාත්‍ය කබීර් හෂිම් මහතා අද ප‍්‍රකාශ කළා. මාවනැල්ල සිද්ධියෙන් අනතුරුව, මෙම අපරාධ කල්ලිය මැඩපැවැත්වීමට කටයුතු සලසන්නැයි බල කර සිටි අවස්ථාවක මෙවැනි සැකකරුවන් නිදහස් කළේ කාගේ බලකිරීමටදැයි අමාතයවරයා ප‍්‍රශ්න කළා.

අරලියගහ මන්දිරයේ අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා. වනාතවිල්ලූව ප‍්‍රදේශයේදී සැකකරුවන් කිහිප දෙනෙකු මාවනැල්ලේ සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු අතර, එම සැකකරුවන් ඉහළ දේශපාලන හස්තයක ඉල්ලීම මත නිදහස් කර ඇති බවයි කබීර් හෂීම් මහතා පෙන්වා දෙන්නේ. එලෙස නිදහස් ලැබූ සැකකරුවෙකුද මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට දායක වී ඇති බවයි ඔහු අවධාරණය කර සිටියේ.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඞ් බදියුධීන් මහතාද අවධාරණය කර සිටියේ මෙම ත‍්‍රස්තවාදී කල්ලිය මර්ධනය කිරීමේ කි‍්‍රයාධාමයට සකී‍්‍රයව දායකත්වය ලබා දෙන බවයි.

LEAVE A REPLY