මියගිය පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වන්දි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. අරලියගහ මන්දිරයේ අද දහවල් පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවා.

සෑම මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් පළමුව රුපියල් ලක්ෂයක මුදලක් අවමංගල්‍යය වෙනුවෙන් ලබා දීමටත් පසුව රුපියල් මිලියනක මුදල් වන්දියක් ලබා දීමටත් තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා පැවැසුවේ. එමෙන්ම තුවාල වු අයට රුපියල් ලක්ෂ 3 දක්වා වන්දි ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

 

LEAVE A REPLY