දිවයින පුරා ආරක්‍ෂාව තර කිරීම වෙනුවෙන් යුද හමුදා සෙබලූන් 5000 ට අධික පිරිසක් යොදවා තිබෙනවා. යුද හමුදාව නිවේදනය කළේ අවදානම් කළාපවල මෙම බලඇණි ස්ථානගත කර ඇති බවය. එමෙන්ම හදිසි ඕනෑම අවස්ථාවකට මුහුණ දීම සඳහා යුද බලඇණි සූදානම් කර ඇති බවද එම නිවේදනයේ දැක්වුණා.

එමෙන්ම මුහුදු කලාපවල ආරක්‍ෂාව තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා. ඉන්දීය වෙරළාරක්‍ෂක බලඇණිද හදිසි කටයුත්තකදී සහය ලබා දීමට සූදානමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසුවේ.

මේ අතර හදිසි නීතිය යටතේ කි‍්‍රයාත්මක වැඩපිළිවෙල තුළ අන්තවාදී ත‍්‍රස්තවාදය සහමුලින් අතුගා දැමීමට පියවර ගන්නා බවයි යුද හමුදාපතිවරයා ඊයේ අවධාරණය කර සිටියේ. මේ ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ සිදුකළ එම ප‍්‍රකාශයයි.

LEAVE A REPLY