ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන ජාතික තව්හිද් ජමාජ් නැමැති සංවිධානය පසුගියදා එල්ල වූ සියළු ප‍්‍රහාරයන්ට සම්බන්ධ බව අනාවරණ වී ඇතැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. අද රැස්වූ පාර්ලිමේන්තු විශේෂ සභාවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ නවසීලන්තයේදී මුස්ලිම් වැසියන් පිරිසක් ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරයට පලිගැනීමක් වශයෙන් මෙම ප‍්‍රහාර එල්ල කර ඇති බවයි.

එමෙන්ම ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක සියළුම අන්තවාදී සංවිධානවල තහනම් කළ යුතු බවද රුවන් විජේවර්ධන මහතා යෝජනා කළා.

බුද්ධි අංශ විසින් ලබා දුන් අනතුරු ඇගවීම් පිළිබඳ අගමැතිවරයාට හෝ තමන්ට දැනුම් නොදුන්නේ ඇයිදැයි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රශ්න කළා. තමන්ට හෝ අගමැතිවරයාට ආරක්‍ෂක මණ්ඩල රැුස්වීම් සඳහා ආරාධනා නොකිරීමද බරපතල ගැටළුවක් බව ඔහු පැවසුවා.

LEAVE A REPLY