ජාතික තවුහිද් ජමාද් ඇතුළු අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම සංවිධානවල කි‍්‍රයාකාරීත්වය අඩපණ කළ හැක්කේ එවැනි පියවරකින් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තවුහිද් ජමාද් සංවිධානය තහනම් කිරීමට පියවර ගතහොත් එය ජාත්‍යන්තර වශයෙන් ද තහනම් කිරීමට බොහෝ රටවල් ඉදිරිපත්වනු ඇතැයිද ජයසේකර මහතා පෙන්වා දෙනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී ඔහු මේ බව පැවසුවේ.

මේ අතර ශ‍්‍රී ලාංකික මුස්ලිම් කාන්තාවන් අදින සම්ප‍්‍රදායික නොවන ඇදුමක් වන බුර්කාව හෙවත් මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙන පරිදි අදිනු ලබන කාන්තා ඇදුම තහනම් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් විශේෂ යෝජනාවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. පෞද්ගලික මන්ති‍්‍ර යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කළේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ති‍්‍ර අශූ මාරසිංහ මහතායි.

ත‍්‍රස්තවාදී කි‍්‍රයාවන් සඳහා පිරිමි පුද්ගලයින් පවා මෙම ඇදුම භාවිතා කරන තත්ත්වයක් උද්ගතව ඇති බවත්, එය ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක් බවත් සිය යෝජනාවෙන් මන්ති‍්‍රවරයා පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY