වසර තිහක යුද්ධයක් යළි ඇති වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත්, ත‍්‍රස්තවාදය මේ මොහොතේම මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. එමෙන්ම පසුගියදා සිදු වූ පිපිරීම් ගෝලීය ත‍්‍රස්තවාදයේ ප‍්‍රතිපලයක් බවත්, වත්මන් තත්ත්වය එදා ත‍්‍රස්තවාදයට වඩා සහමුලින්ම වෙනස් තත්ත්වයක් බවත් අගමැතිවරයා පැහැදිලි කළා. වත්මන් ගෝලීය ත‍්‍රස්තවාදය සංවිධානාත්මක හා දීර්ඝකාලීන සැලසුම් සහිතව සකස් වී ඇති බවද අගමැතිවරයා පැහැදිලි කළා.

පාර්ලිමේන්තු විශේෂ සභාවාරය අමතමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවා. කෙසේ වෙතත් ඔහුට අදහස් දැක්වීමට සිදු වූයේ විපක්‍ෂයේ අඛණ්ඩ බාධා කිරීම් මධ්‍යයේයී.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා,

ගෝලීය ත‍්‍රස්තවාදයේ බලපෑම් මැඩපැවැත්වීම සඳහා ජාත්‍යන්තර සහය ලබා ගන්නා බවද ඔහු පැවැසුවා. ඇමරිකානු ජනාධිපතිවරයා ඇතුළු රටවල් ගණනාවක රාජ්‍ය නායකයින් තමන් අමතා සහය ලබා දීමට එකග වූ බවයි අගමැතිවරයා සඳහන් කළේ.

 

LEAVE A REPLY