අද රාති‍්‍ර 9.00 සිට හෙට අලූයම 4.00 දක්වා නැවතත් ඇදිරිනීතිය පනවන බව පොලිසිය නිවේදනය කළා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ සාමය නිසි ලෙස පවත්වාගෙන යාම වෙනුවෙන් මෙලෙස තුන්වන දිනයටත් මෙලෙස ඇදිරිනීතිය පැනවූ බවයි.

මේ අතර හදිසි නීතියද අඛණ්ඩව කි‍්‍රයාත්මකයි. ත‍්‍රස්තවාදය මර්දනය කිරීමේ කි‍්‍රයාධාමයට අදාළව හදිසි නීතිය කි‍්‍රයාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර, ඊට අදාල ගැසට් නිවේදනයද අද අලූයම නිකුත් කෙරුණා.

ඒ අනුව රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට අදාල බලතල පොලිසියට සහ ත‍්‍රීවිධ හමුදාවට හිමිවනු ඇති.

LEAVE A REPLY