ශී‍්‍ර ලංකාවේ සිදු වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස්.සංවිධානය විසින් බාරගෙන තිබෙනවා. රොයිටර් පුවත් සේවයයි අද පස්වරුවේ මේ බව වාර්තා කර තිබුණේ.

අයි.එස්.අයි.එස්. සංවිධානයේ අමාර්ක් නැමැති ප‍්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මෙම වාර්තාව පලකර තිබුණා. කෙසේ වෙතත් ප‍්‍රහාරයේ වගකීම බාර ගැනීම හැර වෙනත් කිසිදු තොරතුරක් එම ප‍්‍රවෘත්ති ඒජන්සිය විසින් වාර්තාකර නැහැ.

අමෙරිකාව ප‍්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහි කුරුසකරුවන්ගේ සන්ධානයට අයත් ජාතීන් සහ ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාව ඉලක්ක කර පෙරේදා එල්ල වූ ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රහාරකයන් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ සාමාජිකයෝ වෙති යනුවෙන් අයි.එස් සංවිධානයට අයත් ප‍්‍රවෘත්ති ඒජන්සිය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වී තිබෙනවා.

LEAVE A REPLY