හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වි තිඛෙනවා.

Marylebone ක්‍රිකට් සමාජ වාර්ෂික මහ සභා රැස්වීමේදි අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කුමාර් සංගක්කාර අදාළ ක්‍රිකට් සමාජයේ වසරක කාලයක් සඳහා සභාපති තනතුරට තේරී පත් වී ඇති අතර ලබන ඔක්තෝබර් පළමු වනදා සිට ඔහු එම තනතුරේ කටයුතු කිරීමට නියමිත බව සදහන්.

මේ අතර මෙම ක්‍රිකට් සමාජයේ සභාපති තනතුර සදහා තේරි පත් වු බ්‍රිතාන්‍ය නොවන පළමුවැන්නා කුමාර් සංගක්කාර වීමද විශේෂත්වයක්.

LEAVE A REPLY