2019 එක්දින ලෝක කුසලාන තරගමාලාවට සහභාගී වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 07 දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එංගලන්තයේදීයී. ලබන 30 දා තරගාවලිය ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නිල ඇදුම ඊයේ එළි දැක්වීමට පියවර ගෙන තිබුණා.

මෙවර හදුන්්වාදී ඇති ඇදුම නිල් සහ කහ පැහැයෙන් සමන්විතයි. එමෙන්ම දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් එය නිර්මාණය කර ඇති බවත්, ඊට කැස්බෑවෙකුගේ රූපයක්ද ඇතුලත් කර ඇති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවා. සාගර අපද්‍රව්‍ය මගින් කැස්බෑවන්ට සිදුවන බලපෑම ලෝකයට පැවැසීම එහි අරමුණ වී තිබෙනවා.

එමෙන්ම ශී‍්‍ර ලංකා නායක දිමුත් කරුණාරත්න පැවැසුවේ එංගලන්තයේ තනතිලිවලට හැඩ ගැසීම වෙනුවෙන් විශේෂ පුහුණුවීම්වලට සම්බන්ධ වීමට තම කණ්ඩායම බලාපොරොත්තුවන බවයි.

LEAVE A REPLY