මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට එක්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිඛෙනවා.

ඔවුන් ඒ වෙනුවෙන් අද දිනයේදී ආගමික වතාවත්වල නිරතවීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන පළමු තරගය ජුනි 01 වනදා පැවැත්වීමට නියමිතව තිඛෙනවා.

ඒ නවසීලන්තයට එරෙහිවයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග කිහිපයකටම සහභාගී වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ. මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උසුලන්නේ දිමුත් කරුණාරත්නයි.

LEAVE A REPLY