රුසියාවේ ගුවන් යානයක ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් මොස්කව්හි පිහිටි ෂෙරෙමෙටෙවේවෝ ගුවන් තොටුපලට හදිසි ගොඩබෑමක් සිදුකර තිඛෙනවා.

එහිදී ඇති වූ ගින්නෙන් මගීන් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මියගිය අය අතර ගුවන් සේවිකාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙක්ද වනවා.

යානය ගමන් ගන්නා අවස්ථාවේ එහි මගීන් 78 දෙනෙක් සහ කාර්යය මණ්ඩලයේ පස් දෙනෙකු සිටි බව සදහන්. සිදුු වූ අනතුරින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ඉන් තිදෙනෙකුගේ තත්ත්වය මේ වනවිට බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිඛෙනවා.

LEAVE A REPLY