මියන්මාර රජයේ අත්අඩංගුවේ පසුවූ රොයිටර්ස් මාධ්‍යවේදීන් දෙදෙනා නිදහස් කිරීමට එරට අධිකරණයක් තීන්දු කර බෙනවා.

රජයේ රහස් හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටි මියන්මාරයේ රොයිටර්ස් මාධ්‍යෙව්දීන් දෙදෙනා නිදහස් කිරීමටයි යැංගුන් හි අධිකරණයක් හමුවේ පැවැති නඩු විභාගයක් අතරතුරදී තීරණය කර ඇත්තේ.

දින 500කට වැඩි කාලයක් තිස්සේ සිරගතව සිටි මධ්‍යවේදීන් දෙදෙනාට නිදහස හිමිවූයේ පසුගිය අප්‍රෙල් 17වැනිදායින් ආරම්භ කෙරුණු නව අවුරුදු සැමරුම් වෙනුවෙන් හිමිවූ පොදු සමාව යටතේයි.

මේ අතර රූපවාහිනිය ඔස්සේ අදහස් පළකළ රොයිටර්ස් ආයතනයේ ප්‍රවෘත්ති ප්‍රධානී ඇඩ්ලර් සදහන් කළේ මෙම මියන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා ලද නිදහස සම්බන්ධයෙන් තමන් සහ කාර්ය මණ්ඩලය ප්‍රීතියට පත්ව සිටින බවයි.

LEAVE A REPLY