මෙක්සිකොවේ උතුරුදිග කඳුකර ප්‍රදේශයේදී ගුවන් යන අනතුරකින් එහි ගමන්ගත් 13දෙනාම මියගොස් තිබෙනවා.

ලාස් වේගාස් නගරයේ පැවැත්වුනු බොක්සිං තරඟයක් නැරඹීමට ගිය පිරිසක් නැවත පැමිණීමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මියගිය අය පිරිස අතර අවුරුදු 19ත් 55ත් අතර වයසේ පසුවන්නන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කලේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව එරට බලධාරීන් විශ්වාසය පල කරනවා.

LEAVE A REPLY