එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද එංගලන්තය බලා පිටතව ගොස් තිඛෙනවා.

ක්‍රීඩකයින් 18 දෙනෙකු සහ නිලධාරින් නව දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අද පෙරවරුවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ දිවයිනෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙහිදී වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 19 වන ක්‍රීඩකයා ලෙස පසුව සම්බන්ධ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රීකට් තරගාවලිය මේ මස 30 වනදා සිට ජූනි මස 12 වනදා දක්වා එංගලන්තයේ සහ ස්කොට්ලන්තයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY