පාකිස්තානයේ ලාහෝර් නුවර ඉස්ලාමීය දේවස්ථානයක් ඉදිරිපිට සිදුවූ බෝම්බ ප‍්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිවෙකු විසින් හෝ භාරගෙන නැහැ. එරට වාර්තා සදහන් කළේ මෙම ප‍්‍රහාරයෙන් පොලිස් නිලධාරින් තිදෙනෙකු ඇතුලූ 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි.

තුවාල ලබා ඇති 25 දෙනෙකු අතරින් 8 කුගේ තත්ත්වය බරපතල බවද පාකිස්තානු වාර්තා සදහන් කළා. 2010 වසරේදීද මෙම දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වූ අතර එයින් මියගිය ගණන 40ක්.

එමෙන්ම මේවනවිට ලාහෝර් ඇතුලූ ප‍්‍රධාන නගරවල ඉස්ලාමීය දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පාකිස්තානු රජය පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY