වර්තමානයේ ක‍්‍රියාත්මක ත‍්‍රස්තවාදය දෙසතියකින් අවසන් කරන බවට ඇතැමුන් කරන ප‍්‍රකාශ පිළිගත නොහැකි බව ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද නැවතත් අවධාරණය කළා. පාර්ලිමේන්තුවේ පැවති විවාදයේ දී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුනේන ඉස්ලාමීය ත‍්‍රස්තවාදය තුරන් කිරීමට අවම වශයෙන් දෙවසරක කාලයක් ගතවන බවයි.

මේ අතර පසුගියදා එල්ල වූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සහ ඊට අදාළව ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තමන් කළ ප‍්‍රකාශ දරාගත නොහැකි පුද්ගලයින් ද සිටින බව ඔහු සදහන් කළා. ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ඒ මත පදනම්ව තමන් වෙනත් අය සමග සබදතා පවත්වන බවට මතවාද පළකිරීමට ආණ්ඩුවේ ඇතැමුන් ද උත්සහ කරන බවයි.

LEAVE A REPLY