ශ‍්‍රී ලංකාවේ පවතින සෑම ආගමක් තුළම ශ‍්‍රී ලාංකේය ලක්ෂණ පවතින බවත් ඒවා විනාශ කරමින් රට අරාජික කිරීම ජාත්‍යන්තර ත‍්‍රස්තවාදයේ අරමුණු වී ඇති බවත් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඒ අතර ක‍්‍රියාත්මක ප‍්‍රබලම ත‍්‍රස්ත සංවිධානයක් ලෙස සැලකෙන ඉස්ලාමීය අන්තවාදයේ බලපෑම් ශ‍්‍රී ලංකාව තුළ බලපෑම් එල්ල කරමින් සිටින බවයි.

මහනුවරට පැමිණි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් මුණගැසී සාකච්ඡුා සිදුකළා. එහි දී අවධානය යොමුවුණේ ඉස්ලාමීය අන්තවාදීන්ගේ බලපෑම හමුවේ රට තුළ ඇති වී තිබෙන වාතාවරණය පිළිබ`දයි. සමාජයීය අදහස් පිළිබදද අවධානය යොමු කරමින් මෙම බලපෑම මැඩපැවැත්වීමට පියවර ගන්නා ලෙසයි මහ නාහිමිවරුන් අගමැතිවරයා වෙත උපදෙස් ලබාදුන්නේ.

මේ අතර සාකච්ඡුාවලින් අනතුරුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් පළකළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා ස`දහන් කළේ අන්තවාදය මුලිනුපුටා දැමීම ස`දහා වඩාත් ශක්තිමත් සැලසුම් සකස් කළ යුතුව ඇති බවයි.

 

LEAVE A REPLY