ත‍්‍රස්තවාදී බලපෑමෙන් ඇති වූ සමාජ ව්‍යාකූලත්වයට මුවාවී තවත් මංකොල්ලයක් සිදුකිරීමට සූදානම් වන බවට රජයට චෝදනා එල්ල වනවා. ජනතා විමුක්ති පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය විසදාගැනීමට සේවක අර්ථසාධක අරමුදල යොදා ගැනීමට රජය උපායන් සකසමින් සිටින බවයි.

අර්ථසාධක අරමුදල් කොටස් වෙළදපොලට යොදවමින් සිදුකරන මෙම ක‍්‍රියාදාමය දහස් ගණනක් වූ කම්කරු ජනතාවට සිදුකරන කෙනෙහිලිකමක් බවද එම පෙරමුණ පෙන්වා දෙනවා. මේ වනවිිටත් එම අරමුදලෙන් රුපියල් බිලියන 90 ක් කොටස් වෙළදපොලේ යොදවා ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ.

මේ අතර විජිත හේරත් මන්ත‍්‍රිවරයා පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ උමතු අන්තවාදය මර්දනය කිරීම සදහා තවත් අන්තවාදයක් නිර්මාණය කිරීමේ තත්ත්වයක් නිරීක්ෂණය වන බවයි. එය රට අස්ථාවර කරන තවත් ක‍්‍රියාවලියක ආරම්භයක් බවද ඔහු පෙන්වා දුන්නා.

LEAVE A REPLY