මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ අයිතිය සහ එහි කොටස්කරුවන් පිළිබද විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව රජය පවසනවා. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේ මෙම ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් බරපතල ගැටලූ රැසක් ඇති වී තිබෙන බවයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හේෂා විතානගේ මහතා මේ සම්බන්ධයෙන් දීර්ඝ විමසීමක් සිදුකළා. එම කරුණු කාරණා පිළිබද පරීක්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන් අනතුරුවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් යන අය අතර ද මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් සාකච්ඡුා වුණා.

LEAVE A REPLY