රිෂාඞ් බදියුධීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ති‍්‍ර පූජ්‍ය අතුරළියේ රතන හිමියන් තීරණය කර තිබෙනවා. ඉදිරි සතිය තුළ එම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දෙන බවයි උන්වහන්සේ සඳහන් කළේ.

ජනතා නියෝජිතයෙකු වශයෙන් සිදු නොකළ යුතු දේ සිදු කරමින් ජනතාවගේ විශ්වාසය කඩ කර ඇති බවටයි රිෂාඞ් බදියුධීන් අමාත්‍යවරයාට චෝදනා එල්ල වන්නේ.

එමෙන්ම පූජ්‍ය අතුරළියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ දේශපාලන පක්‍ෂ භේදයෙන් නොසිතා රට හා සමාජය කෙරෙහි අවදානය යොමු කරමින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ති‍්‍රවරුන් පිරිසක් මෙම යෝජනාවට සහය ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවයි.

LEAVE A REPLY