දිස්ත්‍රික් 20 කට පවතින උණුසුම් තත්ත්වය අද දිනයේ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ස්වභාවික විපත් පිළිබ`ද පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය ස`දහන් කළේ කිලිනොච්චිය මුලතිව් මන්නාරම වවුනායාව ත්‍රිකුණාමලය අනුරාධපුර පොලොන්නරුව මඩකලපුව කුරුණෑගල අම්පාර මොනරාගල යන දිස්ත්‍රික්කවල උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි.

මීට අමතරව යාපනය පුත්තලම මාතලේ ගම්පහ කොළඹ කලූතර ගාල්ල මාතර හම්බන්තොට යන දිසත්‍රිික්ක 9 තුළ ද අවධානය යොමුකළ යුතු මට්ටමේ උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා කියාසිටියේ.

පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් කුඩා දරුවන් වාහනවල තනියම ර`දවා නොයන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දෙනවා.

එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලූ ඇ`දුම් භාවිත කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

වැඩි වේලාවක් පරිසරයට නිරාවරණය වීම හා ක්‍රියාකාරකම්වල නිතර වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති වීම හා දිගටම විවිධ වැඩකටයුතුවල නිරතවීම තුලින් විජලනය හා ලවණ ඉවත් වීම නිසා මස්පි`ඩු පෙරලීම ඇති විය හැකියි.

මේ අතර පවතින වියළි කාලගුණයත් සමග තවදුරටත් ජලවිදුලි උත්පාදනය පහත වැටී තිඛෙනවා. ඒ පිළිබ`ද වී ප්‍රවෘත්ති වෙත අදහස් දක්වන විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා.

LEAVE A REPLY