රජයේ සහ දේශපාලඥයින් කෙරෙහි ජනතාව තුළ පැවති විශ්වාසය බි`දවැටී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පවසනවා.

එම විශ්වාසය නොපමාව යළි ගොඩනගා රට ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීයි.

මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක ස්වාමින් වහන්සේලා ගෙන ඇති තීරණය ක්‍රියාවට නැංවීම සදහා අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන බවට අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

LEAVE A REPLY