ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් එල්ල කරන චෝදනා පදනම් කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමාගේ සේවය අත්හිටුවීම පිළිබදව නීතිමය ක්‍රියාමාර්ගවලට පිවිසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු අවිෂ්ක ගුණවර්ධන පවසනවා.

එක්සත් අරාබි එමීරයේ පැවති ටී – 10 ලීග් තරගාවලියේ ක්‍රීඩකයන්ට බලපාන නීති උල්ලංගණය කළ බව පවසමින් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය ඔහුට එරෙහිව චෝදනා ගොනු කළා.

කෙසේ වෙතත් අවිෂ්ක ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ යෝග්‍යතාවක් නොමැති වීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ ක්‍රීඩකයෙකුගේ පැමිණිල්ලක් පදනම් කරගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තමාට එරෙහිව කටයුතු කරන බවයි.

එමෙන්ම තමන් ක්‍රීඩා දිවියේදී කිසිදු නීතිවිරෝධී හෝ හානිකර කටයුත්තක නොයෙදුණු බවද ඔහු අවධාරණය කරනවා.

LEAVE A REPLY