මිනුවන්ගොඩ සහ අවට ප්‍රදේශවල ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා රක්ෂිත බන්ධනාගාරගත කළා.

ලබන 29 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් නියෝග කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ විශේෂ අධිකරණ ප්‍රතිපාදන දෙකක් යටතේ මොවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ බවයි.

ඒ හදිසි අවස්ථා රෙගුලාසි හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබ`ද ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වන නීතිමය ප්‍රතිපාදනවලට අනුකූලවයි.

LEAVE A REPLY