නිරායුධ අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා පවසනවා.

රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදි ක්‍රියා වහාම නැවැත්විය යුතු බවයි ඔහු අවධාරණය කළේ.

පොලීසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලීසියේ දුර්වලකමක්සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම්වලට සිදුව ඇති විශාල වරදක් බවයි වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා.

LEAVE A REPLY