පාස්කු ඉරිදා කොළඹ , කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුවාත් නමැත්තාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියම කළා

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම මරණ පරීක්ෂණයේ දී මියගිය බෝම්බකරු ගේ පියා , මව සහ ඥාතීන් දෙදෙනෙකු ද අධිකරණය හමුවේ සාක්කි ලබා දුන්නා.

LEAVE A REPLY