රජයේ පාසල්වල සිසුන්ගේ පැමිණීම අද දිනය තුළ ද ප්‍රමාණවත් මට්ටමක නොපවතින බව ගුරු සංගම් පවසනවා.

දිවයන පුරා රජයේ පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට 5 ක් පමණ වන බවයි එම සංගම් පෙන්වා දෙන්නේ.

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයෙන් පසු රජයේ සියලූ පාසල් 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණි දක්වා දෙවන අධ්‍යයන වාරය ඉකුත් 6 වනදා ආරම්භ කෙරුණා.

එම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා දෙවන අධ්‍යයන වාරය ඊයේ ආරම්භ කරනු ලැබුවා.

කෙසේවෙතත් දිවයිනේ සෑම පාසලකම ආරක්ෂාවට ආරක්ෂක අංශවල සාමාජිකයින් යොදවා තිඛෙන බවයි ඒ පිළිබද විමසීමේ දී අප වාර්තාකරුවන් පැවසුවේ. සිසුන්ගේ පැමිණීම අද උදෑසන වන විට ප්‍රමාණවත් මට්ටමක නොපවතින බවත් පාසල්වලට දරුවන් පැමිණීම වර්ධනය කරගැනීමට ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් අවශ්‍ය බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පැවසුවා.

මේ අතර වයඹ පළාතේ පවතින පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් එම පාසල් අද දින වසා තැඛෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.

කෙසේවෙතත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සියලූ පාසල් අද දින පැවැත්වෙන බව ද එම අමාත්‍යංශය ප්‍රකාශ කළා.

දිවයිනේ පාසල්වල සිසුන්ගේ පැමිණීම පිළිබ`දව වී ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ සිසුන්ගේ පැමිණීම අද දිනයේ ද ප්‍රමාණවත් මට්ටමක නොපැවති බවයි.

LEAVE A REPLY