පැසිෆික් සාගරයේ පිහිටි මරියානා ආගාධය පතුලේ තිබී ප්ලාස්ටික් අපද්‍රව්‍ය හමුවී තිඛෙනවා.

ලොව ගැඹුරුතම ස්ථානය ලෙස සැලකෙන මරියානා ආගාධයේ පතුලේ කිමිදුනු අමෙරිකානු ගවේෂකයින් පිරිසක් මෙය නිරීක්ෂණය කර ඇති බව සදහන්.

අඩි තිස්පන්දහස් 849 ක ගැඹුරේ විශේෂ සබ්මැරීන යාත්‍රාවකින් මෙය නිරීක්ෂණය කර ඇති බව සදහන්.

එහිදී නව මුහුදු ජීවින් විශේ්ෂ කිහිපයක්ද සොයා ගෙන තිඛෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මුල්වරට මරියානා ආගාධයේ ගවේෂණ සිදුකර ඇත්තේ 1960 වසරේදීයි. 2012 වසරේදී සිනමා අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් විසින්ද එම ආගාධය ගවේෂණය කර තිඛෙනවා.

මෙම ගවේෂණයේදී මරියානා ආගාධයේ තිබී පොලිතින් බෑග් සහ රස කැවිලි එතූ පොලිතින් ද සොයා ගෙන ඇති අතර ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැඹුරුතම ස්ථානයකින් සොයා ගැනුණු ප්‍රථම අවස්ථාව ද මෙය බවයි ස`දහන් වන්නේ.

LEAVE A REPLY