වයඹ පළාතට පනවා තිබූ පොලිස් ඇදිරිනීතිය පැය දෙකක කාලයක් සදහා අද ඉවත් කෙරුණා.

ඒ අනුව අද පස්වරු 4 ට අවසන් කළ ඇදිරිනීතිය යළිත් අද පස්වරු 6 සිට ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ. අද පස්වරු 6 සිට ක්‍රියාත්මක එම ඇදිරිනීතිය හෙට උදෑසන 6 දක්වා බලපැවැත්වෙනු ඇති.

කුලියාපිටිය ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව හේතුවෙනුයි මෙලෙස ඇ`දිරිනීතිය පනවා ඇත්තේ.

මේ අතර දිවයිනේ සියලූම ප්‍රදේශවලට අද අලූයම 4 දක්වා පැනවූ පොලිස් ඇ`දිරිනීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණා.

LEAVE A REPLY