වෙසක් පුන් පොහෝ දිනය ලබන 18 වනදාට යෙදී තිබෙනවා. කෙසේවෙතත් වෙසක් මංගල්‍යය වෙනුවෙන් ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන් ඇතුළත් ආගමික උත්සව සංවිධාන කිරීමද ගැටලූවක් බවට පත්ව තිබෙනවා. තොරණ් නිර්මාණකරුවන් වඩාත් අපහසුතාවට පත්ව සිටින බවට ද තොරතුරු වාර්තා වනවා. තොරණ් ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වීමේ තත්ත්වය මීට හේතුවයි.

එමෙන්ම පසුගිය වසරේ වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා සංවිධාන කර තිබූ දන්සැල් සංඛ්‍යාව 7000 කට ආසන්නයි.

කෙසේවෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද නිවේදනය කළේ මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් මේ දක්වා කාලය තුළ ලියාපදිංචි වී ඇත්තේ දන්සැල් 100 කට ආසන්න සංඛ්‍යාවක් බවයි.

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සිරකරුවන් 762 ට නිදහස පිරිනැමීමට ද රජය තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යංශය පැවසුවේ කාන්තා රැුදවියන් 26 දෙනෙකුද මෙලෙස නිදහස ලැබීමට නියමිත බවයි.

LEAVE A REPLY