සිංහල දෙමළ සහ මුස්ලිම් ලෙස සමාජය බෙදා වෙන් කිරීම අධ්‍යාපනය තුළින්ම සිදුවන බවත් එය ඉතා ඛේදනීය අවස්ථාවක් බවත් ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජාතීන් වශයෙන් වෙන් කර ඇති පාසල් ජාතික පාසල් ලෙස ඒකාබද්ධ කිරීමට දැන් කාලය උදා වී ඇති බවයි.

කුඩා කළ බෙදා වෙන් කරන සමාජය පසුව ඒකාබද්ධ කිරීමට උත්සහ කිරීම ප‍්‍රායෝගික නොවන ක‍්‍රියාවක් බව ඔහුගේ ස්ථාවරයයි. එමෙන්ම මද්‍රසා වැනි පාසල් සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලීමට ද කාලය උදා වී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති නීතීඥ අලී සබ්රි මහතා අවධාරණය කර සිටියේ අන්තවාදයට අන්තවාදයෙන් පිළිතුරු ලබාදීම තුළ අනාගතය ඉතා භයානක විය හැකි බවයි.

LEAVE A REPLY