සමාජ මාධ්‍ය භාවිතය තුළ ඒඞ්ස් රෝග ව්‍යාප්තිය ද වේගවත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෑතකදී සිදුකළ පර්යේෂණයකදී අනාවරණය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජනතාවට සමීප වීම තුළ ලිංගික අවශ්‍යතාවන්ද ඒ තුළට ගොනු වී ඇති බවයි. විවිධ පුද්ගලයින් හදුනාගැනීම තුළ විවිධ අත්දැකීම් ලැබීමට හුරුවීමේ සමාජ තත්ත්වයක් ද මෙහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

මේ පිළිබද කළ විමසීමකදී ලිංගාශ‍්‍රිත සහ ඒඞ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය පැවසුවේ ගෙවුණු මාස 04 ක කාලය තුළ පමණක් එච් අයි වී ආසාදිතයින් 100 දෙනෙකු අලූතින් හදුනාගැනුණු බවයි. ඒ අතර කාන්තාවන් 25 දෙනෙකුද සිටින බවයි ඇය සදහන් කළේ.

LEAVE A REPLY