ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අවදානය යොමු කර තිබෙනවා. එම පෙරමුණ පෙන්වා දෙන්නේ රටේ පැවැති ගැටළුවලට මෙන්ම ඇති වෙමින් පවතින ගැටළුවලටද විසදුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇති බවයි. මෙ තත්ත්වය රටේ අනාගතයට බලවත් අභියෝගයක් හා තර්ජනයක් බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන කාරණයයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ මේ පිළිබඳ පක්‍ෂයක් ලෙස මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කෙසේ වෙතත් හෙට දිනයේ රැස්වීමට නියමිත පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳ අවසන් තීරණයකට එළබෙන බවද ඔහු කියා සිටියා.

LEAVE A REPLY