නැගෙනහිර පළාතේ ඇතැම් ස්ථානවලට දැඩි උණුසුම් සහිත කාලගුණයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පොළොන්නරුව, මන්නාරම, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ද මෙම බලපෑම එල්ල විය හැකියි.

උණුසුම් කාලගුණයක් පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල ජනතාව වැඩිපුර ජලය පානය කිරීම, ලා පැහැති වස්ත්‍ර භාවිතය සහ අධික වෙහෙසකාරී කටයුතුවලින් ඉවත් වීම වැනි කරුණු පිළිබ`ද අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර පළාත් 4 කට සහ දිස්ත්‍රික්ක දෙකකට අද දිනයේ වැසි අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මිලිමීටර් 100 ඉක්ම වූ වැසි එම ප්‍රදේශවලට ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ.

LEAVE A REPLY