ජාතිය හා ආගම පදනම් නොවූ පොදු පාසල් ක‍්‍රමයක් හදුන්වාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළා. ඞී එස් සේනානායක අගමැතිවරයා විසින් හදුන්වා දුන් පොදු පාසල් ප‍්‍රතිපත්තිය මෙරට ක‍්‍රියාත්මක නොවූවද එය ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමට සිංගප්පූරුව සමත් වී ඇති බව ද අගමැතිවරයා සිහිපත් කළා. එවැනි ප‍්‍රතිපත්තියක් මෙරට ක‍්‍රියාත්මක කරන්නේ නම් සිංගප්පූරුවේ ක‍්‍රියාත්මක එම සංකල්පය අධ්‍යයනය කිරීමට සිදුවන බවද අගමැතිවරයා පෙන්වා දෙනවා.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ කිහිපයක අධ්‍යයන නිමාකළ ඩිප්ලෝමාලාභීන් 2400 කට එම සහතික පිරිනැමීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකදීයි ඔහු මේ බව ප‍්‍රකාශ කළේ. ඔහු පෙන්වා දුන් තවත් කාරණයක් වූයේ ශ‍්‍රී ලාංකේය අන්‍යනතාවන් මුල්කර ගත් අධ්‍යාපන ක‍්‍රමයක් රටට හදුන්වාදෙන බවයි.

මේ අතර සිංහල දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන් පමණක් සියලූම වීදි නාමපුවරු සකස් කරන ලෙස ද අගමැතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට උපදෙස් ලබාදී තිබෙනවා. එම භාෂාවලින් තොරව වෙනත් භාෂාවකින් වීදි නාමපුවරු සකස් කර ඇත්නම් ඒවා වහාම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි අගමැතිවරයාගේ නියෝගයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY