ඉන්දීය මහ මැතිවරණය විශිෂ්ඨ ලෙස ජයගනිමින් නැවතත් අගමැතිවරයා ලෙස පත්වීමට නරේන්ද්‍ර මෝදි මහතා සමත් වුණා. ඔහුගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ආසන 348 ක් ජය ගැනීමට සමත් වී තිබෙනවා. රාහුල් ගාන්ධි ප‍්‍රමුඛ කොංග‍්‍රස් පක්ෂයට ජය හිමි වී ඇත්තේ ආසන 91 ක පමණයි.

මේ අතර අනෙකුත් ආසනවල බලය තහවුරු කරගැනීමට විවිධ දේශපාලන පක්ෂ සමත් වී තිබෙනවා. ආසන 542 කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන ගණන 272 ක්. ඒ අනුව නරේන්ද්‍ර මෝදි වඩාත්ම බලසම්පන්න ආණ්ඩුවක් ඇති කිරීමට සමත් වනු ඇති බවයි ලෝක දේශපාලන විචාරකයින් මතපළ කර තිබෙන්නේ.

එමෙන්ම ඉන්දීය කොටස් වෙළදපොලේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වූ බව ද එරට වාර්තා සදහන් කළා. භාරතීය ජනතා පක්ෂය ලබා ඇති සුවිශේෂි ජනවරම මෙම වර්ධනයට හේතුවයි.

මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබූ අග‍්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදිට ලෝකයේ සෑම රටකින්ම සුබ පැතුම් පිරිනැමුණා. ශ‍්‍රී ලංකාව මාලදිවයින චීනය බංග්ලාදේශය ඇතුලූ රටවල් රැසක නායකයින්ගෙන් ඔහුට සුබ පැතුම්පත් ලැබී ඇති බව ඉන්දීය වාර්තාවල සදහන්.

LEAVE A REPLY