දිවයිනේ බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇතිවය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY