ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිඛෙනවා. තිහගොඩ නයිවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මාස 3 ක් වයසැති දැරියක් මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

තිහගොඩ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් සහ මාතර දෙසට ධාවනය වූ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ස`දහන්. සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා.

මේ අතර මාතලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ත්‍රිරෝද රථ රියදුරෙකු මියගොස් තිඛෙනවා. ත්‍රිරෝද රථයේ සිටි කාන්තාවන් සිවු දෙනෙකු ද තුවාල ලබා ඇති බව ස`දහන්. මෙම අනතුර සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මාවතගම ප්‍රදේශයේ දී සිදුවූ යතුරුපැදි අනතුරකින් කාන්තාවක් මියගොස් තිඛෙනවා. මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.

මේ අතර මාදම්පේ තිඹිරිගස්වැව ප්‍රදේශයේ දී ස්වාමි පුරුෂයා සිදුකළ පහරදීමකින් බිරි`ද ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. එම කාන්තාව තවත් කාන්තාවක් සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදීයි සැකකරු යතුරුපැදිය නවතා තියුණු ආයුධයකින් සිය බිරි`දට පහර දී ඇති බව ස`දහන්. තුවාල ලැබූ එම කාන්තාව හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගිය බ වයි පොලීසිය පැවසුවේ. ඒ පිළිබ`ද වැඩිදුර විමර්ශන හලාවත පොලීසිය ආරම්භ කර තිඛෙනවා.

LEAVE A REPLY