ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිවයි.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් පුහුණු තරගයද මෙය වනවා.

ශ‍්‍රී ලංකාව සහභාගී වූ පළමු පුහුණු තරගයේ දී දකුණු අප‍්‍රිකාව හමුවේ පරාජයට පත්වුණා.

එමෙන්ම ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සිය පළමු පුහුණු තරගයේදී එංගලන්තය හමුවේ පරාජයට පත්වුණා.

මේ අතර සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග අද දිනයේ පළමු වරට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ස්කොට්ලන්තය සමග පැවති එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංග විවේක ගැන්වූ අතර දකුණු අප‍්‍රිකාවට එරෙහි පළමු පුහුණු තරගයට ඔහු එක්වූයේ නැහැ.

LEAVE A REPLY