ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් පුද්ගලයන් 13 දෙනෙකු සමඟ එරට ඊසානදිග ප්‍රදේශයේ චීන දේශසීමාව ආසන්නයේදී අතුරුදන් වී තිඛෙනවා.

ඇසැම් ප්‍රාන්තයේ ජොර්හට් නුවරින් අරුනාචල් ප්‍රදේශය වෙත ගමන් ඇරඹූ යානය ඉන්දීය වේලාවෙන් ඊයේ පස්වරු 1ට පමණ පාලක මැදිරි සමඟ පැවති සම්බන්ධතා බිද වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.

එම අවස්ථාව වනවිට යානය තුළ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සහ මගීන් 5 දෙනෙකු සිටි බව සදහන්.

අතුරුදන් වූ යානය සොයා ප්‍රහාරක ජෙට් යානාවක් ද යොදා ගනිමින් මෙහෙයුමක් ආරම්භ කර තිඛෙනවා.

LEAVE A REPLY