නිරිතදිග මෝසම ක්‍රමයෙන් දිවයින හරහා ස්ථාපනය වීම හේතුවෙන්ල දිවයිනේ නිරිතදිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව මධ්‍යම බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 -150 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19215 දෙනෙකු වාර්තා වී ඇති අතරල පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු උවදුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ හේතුවෙන් හැකි තාක් දුරට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර තම පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසට ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නිරිතදිග මෝසම ස්ථාපිත වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

LEAVE A REPLY