ලෝක කුසලාන එක්දින ක්‍්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන තෙවන තරගය අද පැවැත්වෙනවා.

ඒ, පාකිස්තානයට එරෙහිවයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට බි්‍රස්ටල් හී දී ආරම්භ වනු ඇති.

ශ්‍රී ලංකාව මෙතක් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක දී පාකිස්තානයට එරෙහි තරගයක් ජය ගෙන නොතිබීම විශේෂත්වයක්.

දෙරට අතර ලෝක කුසලාන තරග හතක් පවත්වා ඇති අතර, එම තරග හතම ජයගෙන ඇත්තේ පාකිස්තානයයි.

කෙසේ වෙතත්, දිනය පුරාම බි්‍රස්ටල් ප්‍රදේශයට වර්ෂාව ඇද හැලෙනු ඇති බවටයි කාළගුණ අංශ අනාවැකි පල කර ඇත්තේ.

LEAVE A REPLY