තද වැසි ඇතිවීමේ අවදානමක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලබන 9 වනදා දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිලිමීටර් 200 ක් තරම් තද වැසි ඇති විය හැකි බවයි එහි දැක්වුණේ.

කලුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට තද වැසි අපේක්ෂා කළ හැකියි.

එමෙන්ම නිරිත දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් කොළඹ, ගම්පහ, පුත්තලම, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට ද තද වැසි අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ දැක්වුණා.

තද වැසි සමග තද සුළං සහ අකුණු තත්ත්වයන් ඇති විය හැකි බැවින් වඩාත් අවධානයෙන් පසුවන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

(නන්ද කුමාර)

LEAVE A REPLY