Ground staff work on the covers as rain delays start of play at the 2019 Cricket World Cup group stage match between Pakistan and Sri Lanka at Bristol County Ground in Bristol, southwest England, on June 7, 2019. (Photo by Saeed KHAN / AFP) / RESTRICTED TO EDITORIAL USE (Photo credit should read SAEED KHAN/AFP/Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 11 වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු කළා.

තරගය බි්‍රස්ටල් හී දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත් දිගින් දිගටම වර්ෂාව ඇදහැලීමත් සමග ක්‍රීඩාංගනය තරගය පැවැත්වීම සදහා සුදුසු මට්ටමක නොමැති බවට තීරණය කෙරුණා.

පස්වරුව වන විට වර්ෂාව ඇද හැලීම අවසන්ව තිබුණු අතර, විනිසුරුවන් අවස්ථා දෙකකදීම ක්‍රීඩාංගනය පරීක්ෂාවට ලක් කළා.

කෙසේ වෙතත් එහිදී විනිසුරුවන් තීරණය කළේ තරගය අතහැර දැමීමටයි.

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වනවා.

නවතම ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමටද මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.

LEAVE A REPLY