දේශපාලන ක්ෂේත‍්‍රයේ කිසියම් වෙනසක් සිදුවීමේ පෙර නිමිති පහළ වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි පවසනවා. අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසුව රට තුළ මතු වී ඇති තත්ත්වයන් මත පදනම්වයි දේශපාලනයේ විවිධ ස්වරූපයන් ඇති වුණේ.

විශේෂයෙන්ම අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු කාරක සභාව සහ ඊට එරෙහිව එල්ල වන චෝදනා මේ වන විට දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාව වී තිබෙනවා. බුද්ධි අංශ නිලධාරීන් කැදවා මාධ්‍ය හමුවේ ප‍්‍රශ්න කිරීම පිළිබද ජනාධිපතිවරයා ද දැඩි විරෝධය පළකර තිබුණා.

මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තු සැසිවාරය අහෝසි කොට නව සැසිවාරයක් ආරම්භ කිරීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එවැනි ක‍්‍රියාදාමයක් තුළ ඉහත කී පාර්ලිමේන්තු කාරක සභා ඇතුලූ ක‍්‍රියාදාමයන් කිහිපයක්ම අහෝසි වීම ස්වයංව සිදුවන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

කෙසේවෙතත් මේ පිළිබ`ද නිල ප‍්‍රකාශයක් මේ දක්වා සිදුකර නැහැ. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු ප‍්‍රකාශ කළේ එවැනි ක‍්‍රියාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට බොහෝසෙයින් ඉඩ ඇති බවයි.

LEAVE A REPLY