ත‍්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයක් සම්පාදනය විය යුතු බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අවධාරණය කළා.

ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡුාවේදීයි. දෙවන වරට අග‍්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතා සිය ධුරයේ දිවුරුම් දිමෙන් අනතුරුව පැවැත් වූ පළමු රාජ්‍යතාන්ත‍්‍රික නිල සාකච්ඡුාව ද මෙයයි.

අපේ‍්‍රල් 21 ප‍්‍රහාර මාලාවෙන් පසුව ශ‍්‍රී ලංකාවේ සංචාරය කළ පළමු රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයායි.
සාකච්ඡුාවේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින සබදතාව සහ විශ්වාසනීයත්වය මෝදි අගමැතිවරයාගේ සම්ප‍්‍රාප්තියෙන් පසු තවදුරටත් වර්ධනය වූ බවයි.

මේ අතර ඉන්දීය අගමැතිවරයා සහ මෙරට අගමැතිවරයා අතර ද විශේෂ සාකච්ඡුාවක් පැවැත්වුණා. එහිදීද විශේෂයෙන් අවධානය යොමු වූයේ ගෝලීය ත‍්‍රස්තවාදය සහ එය මර්දනය කිරීම වෙනුවෙන් ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය කෙරෙහි ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අගමැතිවරුන් දෙපල අතර සාකච්ඡුා සිදුවුණා.

සාකච්ඡුා සදහා වැඩි කාලයක් වෙන් කරගැනීමේ අරමුණු ඇතිව අගමැතිවරුන් දෙපළ අතර සාකච්ඡුාව පැවැත්වුණේ ඒ ඒ ස්ථාන වෙත ගමන්ගත් වාහනය තුළදීම වීම විශේෂ කාරණයක්. කටුනායක සිට කොළඹට පැමිණෙන අතරතුරත් කොළඹ සටි ආපසු කටුනායකට යන අතරතුරත් එම සාකච්ඡුා පැවැත්වුණා.

LEAVE A REPLY