CARDIFF, WALES - JUNE 08: Jason Roy of England leads his team from the field after winning the Group Stage match of the ICC Cricket World Cup 2019 between England and Bangladesh at Cardiff Wales Stadium on June 08, 2019 in Cardiff, Wales. (Photo by Gareth Copley-IDI/IDI via Getty Images)

ලෝක කුසලාන එක්දින ක්‍්‍රිකට් තරගාවලියේ 12 වන තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

කාර්ඩිෆ් හී දී පැවැති තරගයෙන් ඔවුන් හමුවේ ලකුණු 106කින් පරාජයට පත් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලුරෑ 6ක් දැවී ලකුණු 386ක් ලබා ගත්තා.

ඔවුන් මේ වන විට අඛණ්ඩව තරග හතකදී ලකුණු 300 සීමාව පසු කර ඇති අතර, එවැනි දස්කමක් දැක් වූ ලොව පළමු රට එංගලන්තයයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් රෝයි ලකුණු 153 ක් රැස් කළා.

එය ඔහුගේ පළමු ලෝක කුසලාන ශතකය වන අතරල එංගලන්ත පිතිකරුවෙකු ලෝක කුසලාන තරගයකදී වාර්තා කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාව ද එය වීම විශේෂත්වයක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියලුරෑ දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 280ක් පමණයි.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ ශකිබ් අල් හසාන් ලකුණු 121 යි.

(ගිහාන් සම්පත් බණ්ඩාර)

LEAVE A REPLY